Friday, April 26, 2024

චීනය ඉන්දුනීසියාවේ අගනුවරක් තැනීමට සැ‍රසේ.

ඉන්දුනීසියානු රජය බෝර්නියෝ දූපතේ නව අගනුවරක් ඉදිකිරීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන බවත් ඒ සදහා අරමුදල් සැපයීමට චීනය සූදානම් වන බවත් වාර්තා වේ.

“නුසන්තාරා” ( ද්වීප සමූහය) ලෙස නම් කර ඇති නව අගනුවර, ජකර්තා සිට කිලෝමීටර් 2,000 ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර කලිමන්තන් පළාතේ උතුරු පෙනාජම් පැසර් සහ කුටයි කර්තනෙගරා ප්‍රාන්තවල ස්ථාපිත කෙරනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ට්‍රිලියන 466ක් (ඩොලර් බිලියන 44) වැය වනු ඇති අතර, ඉන්දුනීසියානු රජයට ආවරණය කළ හැක්කේ ආයෝජන වියදමෙන් පහෙන් එකක් පමණක් බව පැවසේ.

මුළු ආයෝජන වටිනාකමෙන් සියයට 80 ක් පමණ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ ආයෝජන වලින් සෙවිය යුතු බව එරට වාර්තා කියයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ ජොකෝවි විඩෝඩෝ 2024 දී ඉල්ලා අස්වීමට පෙර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති බවට සහතික වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් සමග පසුගියදා සිදු කල දුරකථන සංවාදයකදී ඉන්දුනීසියානු ජනාධිපති පැවසූයේ නව අගනුවර ඇතුළු ඉන්දුනීසියාවේ විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීම චීනය දිගටම සහාය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

මෑත වසරවලදී, ඉන්දුනීසියාවේ චීන ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, එය 2013 දී ඇමරිකානු ඩොලර් මිලියන 297 සිට 2020 දී ඩොලර් බිලියන 4.84 දක්වා ඉහළ ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles