‘අන්තරය’ සාර්ථක විරෝධතාවයකින් පසු දෙවනි පියවර සඳහා ගෝල්ෆේස් යයි..

0
760

පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවත් වාර්තා වුණා. ඒ අවස්ථාවේදී අරගලකරුවන්ට ආහාර සැපයූ අට්ටාලයක් ආහාර සමගම පොලීසිය විසින් විනාශ කර තිබෙනු දක්නට ලැබුණා.

පාර්ලිමේන්තුව මැයි මස 17 වැනිදා දක්වා කල් ගිය හෙයින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ගාලු මුවදොර සමග එක්ව ඉදිරි සටන් මෙහෙයවීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here