සිකුරාදා වෙනකං ඉවසන් ඉන්න – විජිත හේරත්

0
584

ගෑස් රැගත් නෞකාවක් ලබන බදාදා(11) වනවිට මෙරටට ළඟා වීමට නියමිත බව, ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ගෑස් සහිත නෞකා දෙකකට අදාළ ගෙවීම් අද (09) සිදු කරන බවයි.

ඒ අනුව, ගෑස් මෙම්‍රික් ටොන් 3500 බැගින් වූ නෞකා දෙක වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක් ගෙවීමට නියමිත ය.

එම නෞකා ඕමානයේ සිට මෙරටට ළඟා වන අතර, මේ වනවිට එක් නෞකාවක් මාලදිවයිනට ළඟා වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, ඉන්දීය ණය පහසුකම යටතේ, ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 120 ක් ලබා ගැනීමට තීරණය කළ බව, ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය .

සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, ඊට අමතරව ලෝක බැංකුවෙන් ආධාර ලෙස ඩොලර් මිලියන 70 ක් ද ගෑස් සපයා ගැනීම වෙනුවෙන් මෙරටට හිමිවන බවයි.

ඒ අනුව, දැනට පවතින ගෑස් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද, ඔහු ප්‍රකාශ කළේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here