Wednesday, May 8, 2024

තැපෑලේ අගය වැඩිවෙයි!

තෝරාගත් තැපැල් සේවා කිහිපයක් සදහා ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ඉල්ලීමට තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමග හෙට සාකච්ඡා කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ. 

මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුනද තැපැල් සේවාව මේ වනවිට පවත්වාගෙන යන්නේ පාඩු ලබමින්. පාඩුව යම් මට්ටමකින් හෝ පියවා ගැනීමටයි තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ. 

එහෙත් වසර එක හමාරක පමණ කාලයක සිට තැපැල් ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර හිමිව නොමැති බවයි තැපැල්පතිවරයා සදහන් කළේ. ගාස්තු ඉහළ දැමීමට විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් අවසර ලබාගත යුතු වනවා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles