Friday, April 26, 2024

දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයා කරූ ජයසූරිය වෙද්දී මහින්ද පල්ලං බසී…. පෙරළි රැසක්

“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයින්ට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනමා තිබෙනවා. 

ඒ, ”එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය” යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවීමෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව ඇගයීම සඳහා සහ සන්ෆෝ ග්ලෝබල් ෆෙඩරේෂන් හි ගෞරවනීය අනුශාසක ලෙස කටයුතු කිරීම වෙනුවෙන්.

”ජනතාවට සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවූ නිර්භීත ජනතා නායකයෙකු” ලෙස ඔහුට එම ජාත්‍යන්තර ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා. එම ජාත්‍යන්තර සම්මානය පිරිනැමීම කොළඹදී ඊයේ සිදු කෙරුණා.

අද පෙරළි රැසක් සිදුවන දිනයක් ලෙස විචාරකයින් අනුමාන කරනවා. විශ්වාසභංගයට දින ලබාදීම අද සිදුවනු ඇත. එබැවින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පක්‍ෂ නායකයින්ට දන්වා ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ. 

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති හෙයින් යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස එම පක්ෂයේ නායකයන්ට දැනටමත් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles