Friday, April 26, 2024

වනිදු IPL වාර්තා පොත අලුත් කරයි…

මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කරමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්කර දීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 18 කට කඩුළු 5 ක් දවා ගනිමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 3 ක් දැවී ලකුණු 192 ක් රැස් කළා. නායක ෆෆ් ඩූ ප්ලේසිස් පන්දු 50කදී නොදැවී ලකුණු 73 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 125 ක් පමණයි. වනිදු හසරංග ලකුණු 18කට කඩුළු 5 ක් දවා ගත්තේ ඔහු යැවූ පන්දුවාර හතරෙන් එක් පන්දුවාරයකදී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාව ලබානොදෙමින්. 

ජෝෂ් හේසල්වුඩ් ලකුණු 17කට කඩුළු 2කයි. තරගයේ වීරයා ලෙස වනිදු හසරංග සම්මාන දිනාගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles