විමල්, වාසු ගම්මන්පිලගේ සහයත් රනිල්ට?

0
540
wimal wasu gammanpila

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 මන්ත්‍රී කණ්ඩායම අද (16) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

රට තුළ මේ වනවිට පැන නැඟී ඇති අර්බුදයන්ට විසඳුම් සෙවීම පිණිස දේශපාලනික එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර, තීන්දු තීරණ හා එකඟතා පිළිබඳ සංවාදයට අද දින මෙම කණ්ඩායම් අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති බවයි පැවසෙන්නේ.

අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ගන්නා තීන්දු තීරණ සහ ප්‍රතිපත්තිවලට සහාය පළ කිරීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කළා.

ඒ ඊයේ (15) දිනයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මුල් පෙළේ මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන්ගේ සහාය ද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති.

ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයාව හමුවීමෙන් අනතුරුව ලබාදෙන තීන්දුව අගමැති රනිල්ට සහාය නොදෙන වග නම්, තමන් අනිවාර් යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා හට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් විග්නේෂ්වරන් මහතා ඇතුළු ද්‍රවිඩ පාක්ෂිකයින් පිරිසක් ද අගමැති රනිල්ට සහාය පළ කිරීමට සිය එකඟත්වය පළ කෙරුණේ ඊයේ දින බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here