Friday, May 3, 2024

අගමැතිවරයා පත් කළ විශේෂ කමිටු 04න් වාර්තාවක්… සහන රැසක්?

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, පොහොර, ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කමිටුවල වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළහ.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කමිටු විසින් හිටපු ඇමතිවරුන් සහ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු ගැටලු ඇතිවීමට හේතු මෙන්ම ඒවා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහිත වාර්තාවක් මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි.

අදාළ කමිටු ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යනු ලබන අතර ජනතාවට සහන සැලසීම සඳහා වූ ක්‍රියාවලිය පුළුල්ව දියත් කිරීමට පියවර ගෙන ඇති බව සහ එහි ප්‍රතිලාභ තව සුළු කාලයක් තුළ ජනතාවට ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩගාරය ගෙන ඇති ඇතැම් තීරණ නිසා ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බව ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඊට අදාළ චක්‍ර ලේඛ අහෝසි කරන ලෙස ආනයනකරුවන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

පසුව ගෙවීමේ පදනම මත අල, ලූනූ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය මෙම විසි වැනිදා අවසන් වීමට නියමිතයි.

එම ක්‍රමය නතර නොකරන ලෙස ද ඉල්ලා තිබේ.

දැනට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් ඩොලර් හිඟය හේතුනේ මුදා ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන් පෙන්වා දී ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා සොයා බැලීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති වජිර අබේවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන් අතර සාකච්ඡාවක් අගමැති කාර්යාලයේ පැවැති අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළි විය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ කඩිනම් වාර්තාවක් අගමැතිවරයාට භාර දෙන බවද වජිර අබේවර්ධන මහතා මෙහි දී අවදාරණය කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles