පූජකයන්ට පිහියෙන් ඇනීම රටවල් දෙකක් රත් කරයි.

0
459

ඉරානයේ ශුද්ධ වූ සිද්ධස්ථානයක දී ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයෙකු විසින් ඉරාන පූජකවරුන් තිදෙනෙකුට පිහියකින් ඇන තිබේ.

මේ හේතුවෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකු මිය ගොස් තුන්වන තැනැත්තා බරපතල ලෙස තුවාල ලැබීමේ සිදුවීමෙන් අනතුරුව කාබුල් සහ ටෙහෙරානය අතර දේශසීමා ආතතීන්ට අමතරව වාර්ගික ආතතීන් ද මතු වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඊසානදිග නගරයක් වන මෂ් හෑඩ් හි ඉමාම් රේසා (Imam Reza) පූජනීය ස්ථානයේදී ය.

මෙම ප්‍රහාරයෙන් පසු ඉරානයේ වෙසෙන ඇෆ්ගන් ජාතිකයන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල වේ යැයි බියක් ඇති වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

සිදුවීමත් සමඟ ඉරාන ජාතිකයින් ඇෆ්ගන් ජාතිකයින්ට හිරිහැර කරන වසර ගණනාවක් පැරණි තහවුරු නොකළ සහ ග්‍රැෆික් වීඩියෝ ඇෆ්ගනිස්ථාන සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගෙන ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here