Thursday, May 2, 2024

හොරා හොරා ෂරී‍ෆ් හොරා- සෞදියේ මදීනාවෙනුත් සද්දයක්

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඇතුළු පිරිසකට එරෙහිව සොරුන් ලෙස ඝෝෂාකාරී හඬ නඟමින් සටන් පාඨ පැවසූ පාකිස්තානුවන් කිහිප දෙනෙකු මදීනාවේ මස්ජිඩ්-ඊ-නබවි (PBUH) හි දී අත්අඩංගුවට ගෙන තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට ගොස් සිටින ෂෙබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් දූත පිරිස මදීනාවේ මස්ජිඩ්-ඊ-නබවි වෙත ගිය අවස්ථාවේ මෙය සිදුව තිබේ.

එහි සිටි වන්දනාකරුවන් සිය ගණනක් “චෝර් චෝර්” (සොරුන්) යැයි සටන් පාඨ කියමින් කෑගසා ඇති අතර ඒ බව දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතී.

සිද්ධියෙන් පසු සෞදි ආරක්ෂක අංශ එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූජනීයත්වය කඩ කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles