කොළඹට වතුරත් කපයි!

0
715

කොළඹ 12 සිට 15 දක්වා ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (21) රාත්‍රි 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාලසීමාවේ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතු වී ඇත.

මේ හේතුවෙන් ජලය එක්රැස් කර තබා ගන්නා ලෙස, ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here