Tuesday, May 7, 2024

රනිල්ට ලජ්ජා හිතෙයි…!

ශ්‍රී ලංකාවට ණය නොගෙවීමට සිදුවීම ගැන තමන් ලජ්ජා වන බවත්, එය තම වරදක් නොව පසුගිය පරිපාලනයේ වරදක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ලබන අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ස්කයි නිවුස් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සදහා මූල්‍ය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ හා ආහාර ලබාගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඉන් මිලියන 1.5 ක් ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙක තුළ ලබාගැනීමට යොදවනු ඇති. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා ඩොලර් මිලියන 1.5 ක මුදලක්ද ලබාදීමට නියමිතයි.

මේ අතර වෙළද ගණුදෙනු සදහා ගෙවීම් සිදුකිරීමේදී ඉන්දීය රුපියල්වලින් එම ගණුදෙනු සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලබාදීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ, පවතින තත්ත්වය හමුවේ ඉන්දීය අපනයනකරුවන් ශ්‍රී ලංකාවෙන් මුදල් ලබාගැනීමට යාමේදී මුහුණපාන ගැටළු හේතුවෙන්. 

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ පවතින අර්බුදකාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාවේ සුවිශේෂි පිහිටීම හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන්නන්ට දිය හැකි පණිවුඩය මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ”යම් සංචාරකයෙන් උද්වේගකර අත්දැකීම් ලබන්න කැමති නම් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි. එහිදී ජනපති ගෙදර යනු, අගමැති ගෙදර යනු වශයෙන් බෝඩ් එල්ලාගෙන පාරේ සිටින්නටත් ඔහුට හැකියාව ලැබෙනු ඇති!”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles