අන්තර්ජාල තහනමට එරෙහිව පකිස්තානයේ විරෝධතා

0
441

ආරක්ෂක හේතූන් මත මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ කයිබර්පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) හි බේජෝර් (Bajaur) දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ හරහා අත්හිටුවා ඇති අන්තර්ජාල සේවාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලමින් පාකිස්තානයේ මමොන්ඩේ ටේසිල් (Mamonde tehsil) හි පදිංචිකරැවෝ විරෝධතාවය නිරත වූහ.

එහි ප්‍රධාන වෙළඳපොළක් වන ලාගරි වෙළඳපොළෙහි විරෝධතා පෙළපාලියක් පැවති අතර ඊට දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්, තරුණයින් සහ වෙළඳුන් ද සහභාගී වූහ.

අන්තර්ජාල සේවා අත්හිටුවීම හෙළා දකින සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාකරුවෝ මෙම විරෝධතාවන්ට එක් වී සිටියහ.

පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) ජ්‍යෙෂ්ඨ නායක නජීබ් ඛාන්, සකීර් ඛාන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පෙළපාලිය අමතමින් කියා සිටියේ අන්තර්ජාල සේවා අත්හිටුවීම හේතුවෙන් දිස්ත්‍රික්කයෙන් පිටත විශේෂයෙන් විදේශයන්හි පදිංචිව සිටින ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ ඥාතීන් අතර සන්නිවේදන මාර්ගවල ගැටලු ඇති වී ඇති බවයි.

මේ අතර, කර් සහ ඉනායට් කල්ලේ වෙළඳපොළෙ හි ජංගම දුරකථන වෙළඳ සංගමයේ නියෝජිතයින් ද දිගු කලක් අන්තර්ජාල පහසුකම අත්හිටුවීම සම්බන්ධයෙන් තම කණස්සල්ල පළ කළ අතර එය ඔවුන්ගේ ව්‍යාපාරවලට දැඩි ලෙස බලපා ඇතැයි පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here