පාකිස්තානයේ පිපිරීමකින් ළමුන් තිදෙනෙකු සහ සොල්දාදුවන් තිදෙනකු මරුට

0
531

පාකිස්තානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ මිරාන්ෂා හි සිදුවූ පිපිරීමකින් ළමුන් තිදෙනෙකු මිය ගිය බව පාකිස්ථාන අන්තර් සේවා මහජන සම්බන්ධතා ඒකකය පවසයි.

ඔවුන් ප්‍රකාශ කළේ, පිපිරීමෙන් පාකිස්ථාන හමුදාවේ සොල්දාදුවන් තිදෙනෙකුට ද ජීවිත අහිමි වූ බවයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන හමුදා මාධ්‍ය කටයුතු අංශය මෙම පිපිරීමෙන් වයස අවුරුදු 21 ,22 සහ 33 වන පාක්පට්ටාන් ප්‍රදේශයේ, මුල්තාන්හි සහ හරිපූර්හි සොල්දාදුවන් මියගිය බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

පිපිරීමට ගොදුරු වූ දරුවන් තිදෙනා අතර සිව් හැවිරිදි , අට හැවිරිදිසහ 11 හැවිරිදි බව පැවසේ.

මාධ්‍ය වාර්තා අනුව බෝම්බකරු සහ ඔහුගේ පහසුකම් සපයන්නන් සෙවීම සඳහා පාකිස්ථාන බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටියි.

මීට පෙර ආසන්න දිනයකදී ද පාකිස්තානයේ හමුදා සෙබළුන් දෙදෙනෙකු ත්‍රස්තවාදීන් සිදු කල වෙඩි තැබීමකින් දකුණු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ සරෝගාහිදී මිය ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here