පාකිස්ථාන සංක්‍රමණිකයන් ඉන්දුනීසියාවේ කරන හොර වැඩක් ගැන චෝදනා

0
575
A group of migrants react as they succeeded to get on an inflatable dinghy, to leave the coast of northern France and to cross the English Channel, in Wimereux near Calais, France, December 16, 2021. Picture taken with a drone. REUTERS/Pascal Rossignol TPX IMAGES OF THE DAY - RC2KFR997RAA

නීති විරෝධී පාකිස්ථානු සංක්‍රමණිකයන් කිහිප දෙනෙකු ඉන්දුනීසියාවේ මුස්ලිම් පල්ලි වලින් නීති විරෝධී ලෙස පරිත්‍යාග එකතු කරන බව වාර්තා වේ.

එය ඉස්ලාමීය සකාත් පිළිවෙතට නරක නමක් ගෙන එමින් ඇති බව සදහන් කරමින් ඉන්දුනීසියාවේ දැඩි විරෝධයක් හටගෙන ඇති බව ද සදහන් වේ.

පාකිස්ථාන සංක්‍රමණිකයන්ගේ මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉන්දුනීසියාවට අභියෝගයක් වී ඇති බව ද එරට වාර්තා කියයි.

ඉස්ලාමීය සකාත් යනු මිලියන ගණනකගේ දුක් වේදනා ලිහිල් කිරීමට හැකියාව ඇති පුණ්‍යායතනයකි.

ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව, සංක්‍රමණිකයන් අනවසර පරිත්‍යාග එකතු කිරීම සඳහා විවිධ මුස්ලිම් පල්ලිවලට ගොස් ඇති බව ද සදහන් වේ.

මේ හේතුවෙන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පාකිස්තානයට පිටුවහල් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here