රූපවාහිනී නාලිකා හිමිකරුවකුට අල්ලස් දී ඇති බවට ඉම්රාන් ඛාන්ට චෝදනා

0
445
Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433

පුද්ගලික රූපවාහිනී නාලිකාවක හිමිකරුවකු වන සල්මාන් ඉක්බාල්ට රුපියල් බිලියන 40 ක ප්‍රතිලාභයක් ලබා දී ඇති බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස්ථාන මුස්ලිම් ලීගයේ උප සභාපති මාරියම් නවාස් චෝදනා කරයි.

ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් මුස්ලිම් ලීගයේ නායිකාව සදහන් කර ඇත්තේ මෙම නාලිකාව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීම්වලට දිවා රෑ ආවරණය ලබා දී ඇති බවයි.

ඉම්රාන් ඛාන් පිළිබඳ ඔවුන්ගේ මාධ්‍ය ආවරණය ඒකපාර්ශ්වික එකක් වූ බවත් ඇය මෙහිදී පැවසුවාය.

මේ සදහා හිලව්වක් ලෙස ඉම්රාන් ඛාන් සල්මන් ඉක්බාල්ට රුපියල් බිලියන 10-12 ක බදු කපා හැරීමක් ඇතුළුව රුපියල් බිලියන 16 ක සහන ලබා දී ඇති බව මාරියම් නවාස් චෝදනා කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here