Friday, April 26, 2024

සුනාමී අවධානමක්…

ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බවයි වාර්තාවන්නේ.

“රින් ඔෆ් ෆයර්”හෙවත් පැසිෆික් ගිණි වළල්ලට අයත් භූ ක්‍රියාකාරකම් සක්‍රිය කලාපයේ පිහිටි ඉන්දුනීසියානු කලාපයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තාවනවා.

පසුගිය පෙබරවාරියේ ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයිනේ ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයකින් ජීවිත හානි රැසක් වාර්තා වුණා.

කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු නොවන බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles