චීන ජාතිකයන්ටත් චීනය එපා වෙයි.

0
535

චීනයේ දැඩි ශුන්‍ය කොවිඩ් පියවරයන් හේතුවෙන් චීන වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් රට හැර යාම චීනයේ විද්‍යා හා තාක්‍ෂණික සුපිරි බලවතෙකු වීමේ අභිලාෂයන්ට බලපෑ හැකි බව වාර්තා වේ.

චීනයේ විගමන උපදේශකයින්ගෙන් මෑත මාසවලදී කරනු ලැබූ විමසීම් වල වැඩිවීමක් පැවති අතර, මාර්තු අග සිට ෂැංහයි හි Omicron ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ එය සැලකිය යුතු ඉහළ ගොස් ඇති බව පැවසේ.

චීනයේ ධනවත්ම නගරය වන ෂැංහයි හි පදිංචිකරුවන් මාස දෙකකට ආසන්න කාලයක් පුරා අගුලු දැමීම්වලට ලක් වී සිටින බව සදහන් වේ.

ජපානයේ මූල්‍ය සේවා සමූහයක් වන Nomura Holdings හි ඇස්තමේන්තුවකට අනුව, චීනය පුරා නගර 45 ක මිලියන 373 ක ජනතාවක් අප්‍රේල් මාසයේ සිට යම් ආකාරයක අගුලු දැමීම් නිසා අපහසුතාවයට පත්ව සිටිති.

මේ පසුබිම තුළ රට හැර යාමේ උනන්දුව කෙතරම් පුලුල්ව පැතිරී ඇත්ද යන්න පෙන්නුම් කරන වඩාත් නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති වුවත් සමාජ මාධ්‍ය තුළ ආගමන යන මූල පදය සටහන් කිරීම් පසුගිය මාසය තුළ 400 වතාවකින් ඉහළ ගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here