විදුලි බිල තුන් ගුණයකින් ඉහලට?

0
676

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඒ බලශක්ති උත්පාදනය සඳහා මසකට ඉන්ධන බිල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා ඇති බව පවසමිනී.

එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය වෙනුවෙන් සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා වැඩි වී ඇති බව ද මෙයට විසදුමක් ලෙස ඔහු විසඳුම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

කර්මාන්ත ආයතන,රජයේ ආයතන, රෝහල්,හෝටල්වල සහ සුර්යාලෝකය ලැබෙන වෙනත් වහලවල සූර්ය පැනල යොදාගන්නා ලෙසට දැනුම් දී ඇති අතර  එසේ නොවුනොත් යෝජිත ගාස්තු වෙනස්වීම් සමඟින් බොහෝ අංශවල විදුලි බිල තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here