චීනයෙන් නේපාලයට සද්දයක්.

0
527

එක්සත් ජනපදයේ ටිබෙටය පිළිබඳ විශේෂ නියෝජිත උස්රා සේයා සිය නේපාල සංචාරය අතරතුර නේපාලයේ රැදී සිටින ටිබෙටයේ සරණාගත නායකයින් හමුවීම පිළිබඳ සිය අකමැත්ත ප්‍රකාශ කරමින් චීනයේ එක්-චීනයක් ප්‍රතිපත්තියට අභ්‍යන්තර හෝ බාහිර වෙනත් සාධකවලින් බලපෑමක් නොවිය යුතු බව වක්‍රාකාර වශයෙන් කත්මණ්ඩු වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

නේපාල-චීන ද්විපාර්ශ්වික උපදේශක යාන්ත්‍රණයේ 14 වන රැස්වීම අතරතුර,එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් උස්රා සේයා අවම වශයෙන් නේපාලයේ ටිබෙට් කඳවුරු දෙකකට හෝ සංචාරය කිරීම ගැන චීන පාර්ශ්වය තම විරෝධය පළකර ඇති බව පැවසේ.

නේපාල-චීන ඒකාබද්ධ උපදේශන යාන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ නේපාලයේ විදේශ ලේකම් සහ චීනයේ විදේශ අමාත්‍යාංශයේ උප ඇමති විසිනි.

ජෝ බයිඩන් පරිපාලනයේ ටිබෙට් සරණාගතයින් සඳහා විශේෂ සම්බන්ධීකාරක වන සේයා, මැයි 20-22 දිනවල නේපාලයේ තෙදින සංචාරය අතරතුර නේපාලයේ කැමැත්ත නොතකා, කත්මණ්ඩු හි දී ටිබෙට් සරණාගත නායකයින් හමුවී තිබිණි.

මේ සම්බන්ධයෙන් නේපාල විදේශ අමාත්‍යාංශය පවසා තිබුණේ ඇය ටිබෙට් සරණාගත නායකයින් සමඟ පැවැත්වූ හමුවීම් පිළිබඳව තමන් නොදන්නා බවයි.

නේපාලයේ ටිබෙට් සරණාගතයින් 15,000 ක් පමණ සිටින නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සරණාගත කාඩ්පත් හැදුනුම්පත් ලැබී නොමැති අතර, එහි හිඟකම නිසා ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීම, විදේශ සංචාර, ව්‍යාපාර කිරීම සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම වැනි ගැටළු රැසක් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here