එළු කිරෙන් සබන් හදා ‍ජීවිතය දිනූ ඉන්දියාවේ කාන්තාවෝ

0
453

එළු කිරි භාවිතයෙන් සබන් සෑදීමේ කුසලතා වැඩි දියුණු කර ගැනීම හේතුවෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛන්ද්වා ජවර් ගම්මානයේ කාන්තාවන් මේ වන විට ශක්තිමත් සමාජ-ආර්ථික තත්වයක් භුක්ති විඳින අතර ඔවුන්ගේ පවුල්වලට කැපී පෙනන අමතර ආදායමක් උත්පාදනය කර දීමට සමත්ව සිටින බව වාර්තා වේ.

මේ සියල්ල ආරම්භ වූයේ රජයේ ව්‍යාපෘතියක් වන ජාතික ග්‍රාමීය ජීවනෝපාය මෙහෙයුමේ (NRLM) සහකාර කළමණාකරු ප්‍රියංකා ආර්යා මීට වසර තුනකට පමණ පෙර ජාවර් වෙත පැමිණීමෙන් අනතුරුවයි.

සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් “ශිවශංකර් ජීවනෝපාය සහ ස්වයං උපකාරක කණ්ඩායම” පිහිටුවමින් පහළ සහ මධ්‍යම ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට සුදුසු ජීවනෝපායන් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනෙහි ආරම්භය විය.

එකල ගමේ බොහෝ කාන්තාවන් තම නිවෙස්වලට කොටු වී සිටි අතර, පීතෘමූලික පවුල් සැකැස්ම නිසා ඔවුන්ට කිසිදු දිනක ජීවත් වීමේ මාර්ගයක් සොයා පිටතට යාමට නොහැකි විය.

නමුත් ශිවශංකර් ස්වයං උපකාරක කණ්ඩායම පිහිටුවනු ලැබූ පසු, තවත් බොහෝ කාන්තාවන් මේ හා සමාන කණ්ඩායම්වල කොටස්කරුවන් වීමට ඉදිරිපත් වී ඇත.

කෙටි කලකින් 10 දෙනෙකුගෙන් යුත් ස්වෙච්ඡා කණ්ඩායම් ගම තුළ නිර්මාණය වූ අතර මේ වන විට 5500 කට ආසන්න ජනගහනයක් සිටින ගම්මානයේ එවැනි කණ්ඩායම් 32 ක් නිර්මාණය වී ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here