Friday, April 26, 2024

ඉන්දියාව ඉහළටම නගිද්දී පකිස්තානය පහළටම වැටෙයි.

වසරින් වසර විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment) දත්ත සැලකිල්ලට ගැනීමේ දී 2022 වසර සඳහා පාකිස්තානයේ සෘජු විදේශ ආයෝජන ගලා ඒම දරැණු ලෙස පහත වැටී ඇති අතර ඉන්දියාව මෙතෙක් ලබා ඇති ඉහළම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ලෙස මෙම වසර තුළ ඩොලර් බිලියන 83.57 ක් ලබා ඇතැයි වාර්තා වේ.

එය දෙරට අතර සෘජු විදේශ ආයෝජනවල තියුණු වෙනසක් පෙන්නුම් කරනු ලබන අතර පාකිස්තානයේ සෘජු විදේශ ආයෝජන පිළිබඳ අගයන් දරැණු කඩා වැටීමක් නිරෑපණය කරයි.

2022 මූල්‍ය වර්ෂයේ මුල් මාස දහය තුළ පාකිස්තානයේ විදේශ ආයෝජන ගලා ඒම සියයට 16.2 කින් පහත වැටී තිබේ.

මෙයට ප්‍රධාන හේතු වී ඇත්තේ ප්‍රධාන චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ ව්‍යාපෘති අවසන් වීමෙන් පසු චීනයෙන් සෟජු විදේශ ආයෝජන ගලා ඒම පහත වැටීම බව සඳහන් වේ.

මීට අමතරව ව්‍යාපාර කිරීමේ පහසුව සහ බදුකරණ ප්‍රතිපත්තිවල බාධා කිරීම් පකිස්තානයේ සෘජු විදේශ ආයෝජන අඩුවීමට බලපා ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles