රත්නපුරෙන් භයානක රෝගයක් මතුවෙයි..14ක් මරුට..

0
687

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය අප්‍රේල් මාසය සිට මේ දකවා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති බව ද වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

වාර්ෂිකව මෙරටින් මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ යන බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

මේ වන විට පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා “ඒ” වෛරසය බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේය.

“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එකක් දෙකක් වගේ සෙම් පටල නියැදි හම්වෙලා තියෙනවා.

කලවානේ තමයි වැඩිපුර සෙම්පටල ඇවිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවන්සා “ඒ” කියලා හඳුනාගෙන තියෙනවා.

සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් ඒක උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් ඇඟපත වේදනාවක් තියලා දවස් තුන හරකින් සාමාන්‍යයෙන් හොඳවෙනවා.

නමුත් විශේෂයෙන් ගැබිනි මව්වරුන් හා වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වෙනවා. ඒ වගේම කුඩා ළමුන්.” ඒ අනුව මේ වසරේ ගත වූ කාලය ඩෙංගු රෝගීන් 27,454ක් හඳුනාගෙන තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 6,586කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,710 කු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,969ක් හඳුනාගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය අප්‍රේල් මාසය සිට මේ දකවා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති බව ද වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

වාර්ෂිකව මෙරටින් මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ යන බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

මේ වන විට පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා “ඒ” වෛරසය බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය ඩෙංගු රෝගීන් 27,454ක් හඳුනාගෙන තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 6,586කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,710 කු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,969ක් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here