විදුලිය පැය තුනක් කපයි!

0
514

අද (27) සිට ලබන 03 වැනි දා දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම ප්‍රදේශවලටම රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනි දා සහ 03 වැනි දා හැර සෙසු දිනයන්වල පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැය 02ක විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

M N O X Y Z කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට ජුලි 02 වැනි දා සහ 03 වැනි දා හැර සෙසු දිනයන්වල අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 03 ක විදුලිය කප්පාදුව සඳහා අවසර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here