යාපනය විශ්වවිද්‍යාලයේ විභාග හා දේශන කටයුතු සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය පවසයි.
පසුගිය දා ඇති වූ සිද්ධියෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ පිඨ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති අතර ප්‍රමාණවත් සිංහල ශිෂ්‍යයින් පිරිසක් මෙතෙක් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ නොමැති බව ඇය පෙන්වාදෙයි.
දැනුම්දිය හැකි සෑම අයුරකින්ම සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව ද උපකුලපතිනිය පවසයි.
එහෙත් මේ දක්වාත් සැලකිය යුතු සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලය වෙත පැමිණ නැත.
කෙසේ වෙතත් මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා ඇති බව සඳහන් කරන උපකුලපතිනිය පෙන්වාදෙන්නේ විශ්විද්‍යාලය තුළ සිංහල සිසුන්ට කිසිදු ගැටළුවක් නොමැති බවයි.
මේ අතර ඊයේ දිනයේදී ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් යාපනය විශ්වවිද්‍යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද සිදු කරනු ලැබීය.
එහිදී ද සභාපතිවරයා පවසා සිටියේ විශ්වවිද්‍යාලය තුල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන ලෙසයි.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ පංති තහනම් කර තිබේ.
විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පංති තහනම සිදු කර ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය ආරක්ෂක නිළධාරි ඩබ්ලිව්.ඒ.එච් වේරහැර මහතා සඳහන් කළේය.
ඉංජිනේරු හා කළමනාකරණ පීඨ ඇතුළු පීඨ කීපයක සිසුන් 17 දෙනෙකුගේ පංති මෙසේ තහනම් කර ඇත.
පසුගියදා ඩෙංගු මර්දන ශ්‍රමදානයක් අතර තුර සිදුවූ පහරදීමේ සිද්ධියක් මෙයට මුල්ව තිබේ.