ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත අනුමතයි

0
283

ඉන්දියාවේ සීරම් (Serum) ආයතනය (SII) මගින් ගැබ්ගෙල පිළිකාවට එරෙහිව දේශීයව නිපදවන ලද ප්‍රථම quadrivalent human papillomavirus (qHPV) එන්නත පිළිබඳව සාකච්ඡා කිරීමට පැවැත්වුණු විෂය විශේෂඥ කමිටු රැස්වීමේදී, එන්නත වයස අවුරුදු 9 ත් 26 ත් අතර අය සඳහා ලබා දීමට වෙළඳපොළ අවසරය සඳහා නිර්දේශය ලබා දී ඇතැයි වාර්තා වේ.

“එන්නතෙහි 3 වන අදියරෙහි දත්ත සතුටුදායක බව සොයා ගන්නා ලද අතර පසුව ඊට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි”යි සෞඛ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම එන්නත සඳහා වෙළඳපොළ අවසරය සඳහා වන අයදුම්පත රජයේ නියාමන කටයුතු අධ්‍යක්ෂ ප්‍රකාශ් කුමාර් සිං විසින් ඖෂධ පාලක ජනරාල් (DCGI) වෙත ජුනි 08 වන දා ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එන්නත 2022 වසර අවසන් වීමට පෙර වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සීරම් ආයතනය සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here