Sunday, November 17, 2024

පකිස්තානයේ විදේශ ව්‍යාප්තිවලින් භාගයකම ගැටලු

පාකිස්තානයේ විදේශ අරමුදල් සහිත ව්‍යාපෘතිවලින් සියයට 43 ක් ගැටළු සහගත බව එරට ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.

ඩොලර් බිලියන 35 ක් පමණ වටිනා මෙම ව්‍යාපෘතිවලින් සියයට 43 ක් ගැටළු සහගත බව අමාත්‍යාංශය පවසයි.

එම ව්‍යාපෘති බොහොමයක් ප්‍රගතියක් ලබා නොමැති අතර අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වී ඇතැයි ඩෝන් පුවත්පත පවසයි.

විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යාංශය සඳහන් කළේ විවිධ ආර්ථික ක්ෂේත්‍රවල එවැනි ව්‍යාපෘති ඩොලර් බිලියන 34.8 ක් අඛණ්ඩව කළමනාකරණය කරන බවත්, එයින් ඩොලර් බිලියන 15 (සියයට 43) කට වඩා වටිනා ව්‍යාපෘති ගැටලු සහගත ඒවා ලෙස සලකන බවත්ය.

අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මේ හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ සියයට 17කට වැඩි පාඩුවක් මෙන්ම ගෑස් අංශයේ සියයට 10-17ක පද්ධති අලාභයක් සිදුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles