දුම්රිය වර්ජනය අත්හිටවේ… නමුත් දුම්රිය සීමා වේ…

0
591

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

ඒ කෙසේ වෙතත් මේ වන විට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතැම් දුම්රිය ස්ථාන වල සිදු නොවන බවත්, කාර්යාල දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් ඇති බවත් වාර්තා වේ. දුරගමන් සේවා දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.

ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයන් ඇතිවීමට ඉඩ ඇති බවත් කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් ආරම්භක ස්ථාන කිහිපයකින් දුම්රිය 22ක් මේවන විටත් කොළඹ දෙසට ගමන් ආරම්භ කර ඇත. එලෙසම අද දිනයේ දුම්රිය 48ක් පමණක් ධාවනය සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here