Thursday, May 9, 2024

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දින නියම වේ!

2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් පවසනවා.

එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු එම දින වකවානු ප්‍රකාශ කළේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා සභාව කල්තබන අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොවිඩ් තත්වය නිසා 2020- 21 වර්ෂවලදී බස්නාහිර පළාතේ පාසල් කාලය සියයට 50කින් පමණ අහිමි වුණා. පිට පළාත්වල එම කාලයේදී අහිමිවුණු පාසල් කාලය සියයට හතළිහකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles