යළිත් කොරෝනා වෛරසය මතුවීමේ අවදානමක්..

0
508

නව ප්‍රභේද සමඟ යළිත් කොරෝනා වෛරසය මතුවීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ සුදුසුම ක්‍රමය එන්නත් මාත්‍රා හතර ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථානවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

සිවු වැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වනවා මෙන්ම රෝගය වැළඳුනද දරුණු රෝග තත්ත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here