පෝලිම් වල දරුවන් ප්‍රසූත වෙයි…

0
569

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිමේ රැඳී සිටි ගර්භනී කාන්තාවකට හදිසියේ දරු ප්‍රසුතිය සඳහා ලකුණු පහළ වීමෙන් පසු යුද හමුදාව මැදිහත්වී වහාම ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය සිගිති දියණියක් බිහිකිරීමේ පුවතක් වාර්තා වනවා.

හැටන් ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණ ඇති තරුණ යුවලක් දින දෙකක පමණ කාලයක් මෙලෙස විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ආගමන විගමන පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ගර්භනී තත්ත්වයේ පසුව සිට ඇති අතර අද පෙරවරු 7.40ට පමණ ඇය වැසිකිලි යාමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිලියට ගොස් සිටියදී හදිසි දරු ප්‍රසුති ලකුණු පහල වීමෙන් ඒ බව අසල සිටි කාන්තාවන්ට දැනුම් දී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here