පකිස්තාන පොලිසියේ සිව්දෙනෙකු මරුට

0
330

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් සහ ටැංකි දිස්ත්‍රික්කවල සිදුවූ ප්‍රහාරවලින් පොලිස් භටයන් හතර දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඩේරා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉමිටියාස් අලි ජන්ජුවා පැවසුවේ නව සබ්සි මන්ඩි ප්‍රදේශය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබූ බවත් ඔවුන් එම ස්ථානයේදීම මිය ගිය බවත්ය.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා පොලිසිය ප්‍රදේශය වටලා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එම ඔහු පැවසීය.

මේ අතර නස්රාන් ගම්මානය ආසන්නයේ නස්රාන්-ඩවුඩ්කෙල් මාර්ගයේ දී ආයුධ සන්නද්ධ යතුරුපැදිකරුවන් තිදෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ කොස්තාපල්වරයකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගිය බවයි.

තුවක්කුකරුවන් මියගිය නිලධාරීන්ගේ මුදල් සහ ජංගම දුරකථන ද පැහැරගෙන ගොස් ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here