අන්තර්ජාල වාරණය අතින් චීනය ඉහළින්ම

0
496

චීනය අන්තර්ජාල වාරණය පවත්වාගෙන යන රටවල් අතර ඉහළින්ම සිටින බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව චීන සමාජ මාධ්‍ය සමාගම් මෑත කාලීනව සිය ප්‍රතිපත්ති දැඩි කර ඇති බවත් ඒ තුළින් පාලකයන් ඩිජිටල් ලෝකය මත සිය ග්‍රහණය දැඩි කරන ආකාරය ඉස්මතු කරන බවත් එම වාර්තාවල දැක්වේ.

ලොව පුරා දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ තත්ත්ව තක්සේරු කරමින්, මෑත වසරවලදී චීනයේ ඒකාධිපති පාලන තන්ත්‍රය වඩ වඩාත් මර්දනකාරී වී ඇති බව ද අදාළ වාර්තාව අනාවරණය කර තිබේ.

නවතම නිදහස් දර්ශක වාර්තාව පවසන්නේ පාලක චීන කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය, අන්තර්ජාල කථනය, ආගමික පිළිවෙත්, විශ්ව විද්‍යාල, ව්‍යාපාර සහ සිවිල් සමාජ සංගම් ඇතුළු ජීවිතයේ සහ පාලනයේ සියලු අංශ කෙරෙහි දැඩි පාලනය දිගටම කරගෙන යන බවයි.

මේ වසර මුලදී, චීන මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුව බලපත්‍රයක් නොමැතිව ඕනෑම අයෙකු විසින් ප්‍රවෘත්ති ආශ්‍රිත තොරතුරු පළ කිරීම ද තහනම් කරනු ලැබීය.

බොහෝ මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් ඔවුන්ගේ වාර්තාකරණය සහ සබැඳි පළ කිරීම් හේතුවෙන් පසුගිය වසරේ දී බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, අතුරුදහන් කිරීම හෝ අපරාධ චෝදනා එල්ල වීම වැනි සිදුවීම්වලට මුහුණ දී ඇති බව ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here