පකිස්තානයේ සංචාරකයන් දෙදෙනෙකු පැහැර ගැනේ.

0
336

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන සියාරාත් වෙතින් රජයේ නිලධාරියෙකු ඇතුළු සංචාරකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනකු වර්චොම් ප්‍රදේශයෙන් සංචාරකයින් දෙදෙනා රැගෙන ගිය බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළේය.

පැහැර ගැනීමට ලක්වූ සංචාරකයින් කරච්චියේ සිට ඊද් දිනට පෙර නගරයට පැමිණෙමින් සිටි බව පැවසේ.

මෙම පැහැරගැනීම්වලට විරෝධය පළ කරමින් ක්වෙටා-සියරාත් මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවති අතර එවැනි සිදුවීම්වලට තිත තැබීමට බලධාරීන්ට එහිදී බලපෑම් කර තිබේ.

බලුකිස්තාන ප්‍රධාන අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව අවධානය යොමු කළ අතර සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස පොලිසියට සහ පරිපාලනයට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ද ප්‍රධාන අමාත්‍යවරයා පරිපාලනයට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here