රාජ්‍ය සේවකයන්ට තවත් සතියක් චාන්ස්!

0
402
government service

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවීමේ ක්‍රමවේදය  අද සිට තවත් මාසයක කාලයක් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය ද මසක කාලයක් දක්වා දීර්ඝ කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ. 

ඉන්ධන හිගය ඇතුළු රටතුළ පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කර එම තීරණයට එළඹි බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛ නිකුත් කරනු ලැබුවද එය වැරදි ලෙස භාවිත කරමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ. ඉකුත් සිකුරාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here