Monday, April 29, 2024

දුම්රිය හෙට ටිකට් නිකුත් කරයි! රජයට දැවැන්ත පාඩුවක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා  සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

ඊයේ දින සිට ක්‍රියාත්මක දුම්රිය ප්‍රවේශපත්‍රවල මිල ඉහල දැමීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් අද සිට  පැය 48ක කාලයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශ පත් නිකුත් නොකිරීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී එකඟ වු බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කළේ.

එමෙන්ම නොමිලයේ දුම්රිය ධාවනය නිසා රජයට සිදුවූ පාඩුව ස්ථානාධිපතිවරුන්ගෙන් අයකරගන්නා බව සාමාන්‍යාධිකාරීවරයා ඊයේ (23) දින ප්‍රකාශ කරා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles