නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට

0
385

ගතවූ 2020 වසරේ සිට නීතිවිරෝධී ලෙස රට තුළ රැඳී සිටි බවට චෝදනා කරමින් ඉන්දියාවේ දිල්ලි පොලිසිය චීන ජාතිකයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ ව්‍යාපාරික වීසා බලපත්‍ර 2020 දී අවසන් වී ඇති අතර ඔවුන් වීසා දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කර තිබූ අතර එය මෑතකදී ප්‍රතික්ෂේප වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටින අතර ඔවුන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සදහන් වේ.

රඳවාගෙන සිටින චීන පුරවැසියන් නොයිඩා හි පුද්ගලික ජංගම සමාගමක සේවය කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here