ළමා අපයෝජන වීඩියෝ විකිණීම සම්බන්ධයෙන සැම්බියාව චීන පුරවැසියෙකු පිටුවහල් කරයි

0
365

මලාවි ජාතික ළමයින් සූරාකන හෙවත් අපයෝජන වීඩියෝ චීනයට විකිණීමේ චෝදනාව හේතුවෙන් පසුගිය මාසයේ රටින් පලා ගිය චීන පුරවැසියෙකු සැම්බියානු බලධාරීන් විසින් මලාවි වෙත භාර දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සැම්බියාවට මායිම්ව පිහිටි මලාවි හි ම්චින්ජි දිස්ත්‍රික්කයේ දී සැම්බියානු ආරක්ෂක සාමාජිකයින් විසින් චීන ජාතික ලූ කේ භාර දුන් බව මලාවි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටින බවත් ඔහුට පුද්ගලයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නමුත් වෙනත් චෝදනාද එකතු කළ හැකි බව මලාවි පොලිස් සේවයේ නියෝජ්‍ය ප්‍රකාශක හැරී නම්වාසා පැවසීය.

බීබීසී පුවත් සේවය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ ලූ කේ මධ්‍යම මලාවි හි තරුණ ගැමියන් පටිගත කර මැන්ඩරින් භාෂාවෙන් තමන් ගැන ජාතිවාදී දේවල් පැවසීමට සලස්වන බව ය.

විමර්ශනයෙන් පසු පොලිසිය ඔහුව සොයමින් සිටි නමුත් ලූ කේ සැම්බියාවට පලා ගොස් ඇති බව පැවසේ.

මෙම වීඩියෝ පටය ඩොලර් 70 බැගින් චීන වෙබ් අඩවියකට අලෙවි කර ඇති අතර වීඩියෝවේ සිටින දරුවන්ට ශත 50 බැගින් ගෙවා ඇති බව බීබීසී උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

මලාවි අයිතිවාසිකම් සංවිධාන කිහිපයක් වීඩියෝවලට එරෙහිව වීදි විරෝධතා පැවැත්වූ අතර ඔවුන් ලිලොන්ග්වේ හි චීන තානාපති කාර්යාලයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here