මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

0
322

මැලේසියාව සහ ශී‍්‍ර ලංකාව අතර විගමනික ශ‍්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි.

ඊට අදාළ සාකච්ඡාවක් මැලේසියානු උප අග‍්‍රාමාත්‍ය අහමඩ් සෙයිඩ් හමීඩ් සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල සමග පැවැත්වුණා.

එහිදී මැලේසියාවේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

මීට අමතරව මැලේසියාවේ රැකියා සඳහා යන ශ‍්‍රී ලාංකිකයින් වීසා ලබා ගැනීමේදී මුහුණ පාන ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.

ඒ සඳහා මැලේසියානු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරියෙකු පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here