Wednesday, May 1, 2024

මම කටයුතු කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මතයි – ජනපති කියයි

තමන් සැමවිටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවා දෙන බවට ඇතැමුන් චෝදනා කළ ද තමා කටයුතු කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ දේශපාලන දර්ශනයේ තිබූ විදේශ ප්‍රතිපත්තීන් අනුව බව ජනාධිපතිවරයා පවසයි.

ඒ හැර ලෝකයේ කිසිඳු රටක් සමග වෙනත් බාහිර බැඳීමක් තමාට නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වු දිවංගත ධර්මසිරි සේනානානයක මහතාගේ 16 වන ගුණ සමරු උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සියලු දෙනා එක්ව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳුන්වාදෙන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින පුද්ගලයින්ම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  හිටපු ජනාධිපතිනියගේ  මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශන දෙකෙහිම අඩංගු වූ නව ව්‍යවස්ථාවට දැන් විරුද්ධ වන්නේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න තමා නොදන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles