චීනයේ සමාගම් පහකට බරපතල චෝදනාවක්

0
487

රුසියාව විසින් යුක්රේනයේ සිදු කරන නීති විරෝධී ආක්‍රමණය හේතුවෙන් එක්සත් ජනපදය සහ තවත් පාර්ශවයන් විසින් තහනම් කර තිබියදීත්, චීන සමාගම් පහක් රුසියානු හමුදාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
එක්සත් ජනපදය සහ එහි හවුල්කරුවන් 37 දෙනා විසින් රුසියානු හමුදාවට සහ එය සන්නද්ධ කරන සමාගම්වලට සහාය දීම තහනම් කරනු ලැබුවේ පෙබරවාරි 24දා, රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමත් සමඟය.

ඒ අනුව එම චීන සමාගම් පහ එම තහනම උල්ලංඝනය කරන බව අනාවරණය වී ඇති බව වාණිජ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සමාගම් පහ දැනටමත් අසාදු ලේඛනගත කර ඇති අතර ඉදිරියේ දී එම සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here