Thursday, May 2, 2024

පිලිපීනය චීන ණයක් අත්හිටුවයි.

පිලිපීන හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ විසින් ඔහුගේ “බිල්ඩ්, බිල්ඩ්, බිල්ඩ්” වැඩසටහන යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙසෝ බිලියන ගණනක දුම්රිය ව්‍යාපෘති තුනක් සඳහා චීන ණය ලබාගැනීම නව ජනාධිඅවලංගු කර ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට රජයට මුදල් නොමැති බැවින් නිල සංවර්ධන ආධාර ණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් චීනය සමඟ නැවත සාකච්ඡා කිරීමට නව ජනාධිපති මාකෝස් බලා සිටින බව එරට වාර්තා හෙළිකර තිබේ.

මෙම ණය සදහා චීන එක්සිම් බැංකුව සියයට 3ක පොලියක් ඉල්ලා සිට ඇති බව ද එරට බලධාරීහු සදහන් කරති.

කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය සදහා ජපානය විසින් අය කරන පොලී අනුපාතය ඉතා අඩු බවත් එය සියයට 0.01 ක් පමණක් බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles