පාකිස්තානයේ ත්‍රස්ත මර්දන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

0
503

පාකිස්තානයේ ත්‍රස්ත මර්දන නිලධාරියෙකු පසුගියදා ඛාරාන් නගරයේ පිහිටි සිය කාර්යාලයට යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඛාරාන් දිස්ත්‍රික් ත්‍රස්ත මාර්දන නිලධාරි ඊඩ් මොහොමඩ් ඔහුගේ නිවස අසලදී මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති බව පකිස්තාන ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව (CTD) පවසයි.

තුවක්කුකරුවන් ස්වයංක්‍රීය ගිනි අවි භාවිතා කරමින් වෙඩි තබා ඇති අතර එහිදී නිලධාරියාට බරපතල තුවාල සිදු වී තිබේ.

වෙඩි උණ්ඩ කිහිපයකින් තුවාල ලැබූ ඔහු ප්‍රාදේශීය මූලස්ථාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට වාර්තා පැවසීය.

ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු නිළධාරියකු මාධ්‍ය වෙත පැවසුවේ, සිද්ධිය වූ විගස ප්‍රහාරකයන් එම ස්ථානයෙන් පලා ගිය බවත්, දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here