අරගලකරුවෝ පාර්ලිමේන්තුවට කඩා පනී…! (Video)

0
716

ඉරානයේ සහය ලබන දේශපාලන පක්ෂ විසින් ඉරාකයේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එරෙහිව මේ වන විට ඉරාකයේ දැවැන්ත විරෝධතාවයක් දියත් වෙමින් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී ඉරාක විරෝධතාකරුවන් දහස් ගණනක් එරට බැග්ඩෑඩ් අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරාකයේ වෙසෙන බලවත් ආගමික නායකයෙකු වන Muqtada al-Sadr ගේ අනුගාමිකයින් සහ ඔහුට පක්ෂපාතිත්වය දක්වන පිරිස් ඉරානයට එරෙහිව විරෝධතා පාඨ කියමින් ඉරාක පාර්ලිමේන්තුව ඇතුළු විදෙස් තානාපති කාර්යාල පිහිටා ඇති අධි ආරක්‍ෂිත කලාපයට ඇතුළු වී තිබුණා.

සිදුවීම වන අවස්ථාවේදී කිසිදු නීති මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුල නොසිටි බවයි වාර්තා වුයේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ආරක්ෂක හමුදා පමණක් සිටි අතර ඔවුන් විරෝධතාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඊට ඇතුළු වීමට ඉඩ සලසන බවක් පෙනෙන්නට තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

එය මෑතකදී ඇතිවූ ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමීප බවක් පෙනෙන්නට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here