චීන නාවික හමුදාවට අයත් නෞකාවක් තායිවාන වෙරළ ආසන්නයේ

0
475
180228-N-RB168-679 PHILIPPINE SEA (Feb. 28, 2018) The Arleigh Burke-class guided-missile destroyer USS Curtis Wilbur (DDG 54) participates in a close quarters maneuvering exercise. Curtis Wilbur is forward-deployed to the U.S. 7th Fleet area of operations in support of security and stability in the Indo-Pacific region. (U.S. Navy photo by Mass Communication Specialist 1st Class Benjamin Dobbs/Released)

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) නාවික හමුදාවට අයත් නෞකාවක් තායිවානයේ නැගෙනහිර වෙරළ ආසන්නයේ, හන් ක්වාං වාර්ෂික යුද අභ්‍යාසවල දෙවන සැසිවාරය පවැත්වීමට ආසන්නව තිබියදී දැකගත හැකි වූ බව වාර්තා වේ.

යම් හෙයකින් චීන ආක්‍රමණයක් සිදුවුවහොත් රටේ සටන් සූදානම පරීක්ෂා කිරීම සඳහා තායිවානය සන්නද්ධ හමුදා සහභාගීත්වයෙන් රටේ විශාලතම යුධ අභ්‍යාසය සැලසුම් කර තිබිණ.

මේ අතරවාරයේ මහජන විමුක්ති හමුදා නාවික හමුදා යාත්‍රාව සිකුරාදා අලුයම 4 ට පමණ ෆෙංබින් වෙරළබඩ නගරයේ සිට නාවික සැතපුම් 44 ක් (කිලෝමීටර් 81 ක්) උතුරේ සිට ගිනිකොන දෙසට යාත්‍රා කළ බව තායිවාන පුවත් වාර්තා කළේය.

හන් ක්වාං අභ්‍යාසයේ දෙවන අදියර වන සජීවී අවි භාවිතයෙන් පැවැත්වෙන අභ්‍යාස ජූලි 25-29 දක්වා පැවැත්වේ.

මේ අතර තායිවානය විසින් දිවයිනේ නිරිතදිග සහ ගිනිකොන දෙසින් මහජන චීන හමුදාවේ යුධ ගුවන් යානා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වැඩි වීමක් නිරීක්ෂණය කර තිබේ.

H-6 බෝම්බ හෙලන යානා, J-11 සහ J-16 ප්‍රහාරක ජෙට් යානා, KJ-500 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානා, Y-8 සබ්මැරීන් විරෝධී යුද ගුවන් යානා සහ ඉලෙක්ට්‍රොනික යුධ ගුවන් යානා මෙන්ම Ka-28 සබ්මැරීන් නාශක ගුවන් යානා ඇතුළත් චීන ගුවන් යානා වර්ග 31කට අධික යුද හෙලිකොප්ටර් යානා තායිවානයේ ආරක්ෂක අධිකාරිය විසින් නිරීක්ෂණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here