Saturday, April 27, 2024

බංග්ලාදේශ පුනර්ජනනීය බලශක්ති අංශයේ උන්නතියට ෆින්ලන්තයේ සහාය..!

බංග්ලාදේශයේ ෆින්ලන්ත අනේවාසික තානාපති රිට්වා කොඋක්කු රොන්ඩේ එරට අග්‍රාමත්‍ය නිල නිවසේදී අගමැති ෂෙයික් හසීනා හමුවෙමින් තිරසාර හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුල බංග්ලාදේශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රටේ උනන්දුව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ඉහ්සානුල් කරීම් මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් නවදිල්ලි නුවර වෙසෙන තානාපතිවරයා විසින් ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මිරෙල්ලා මැරින්ගේ සුබපැතුම් ලිපියක්ද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා වෙත භාරදුන් බවයි.

බංග්ලාදේශය සහ ෆින්ලන්ත බහුජාතික විදුලි සංදේශ සමාගමක් වන Nokia අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බව රිට්වා කොඋක්කු රොන්ඩේ පැවසූ අතර බංග්ලාදේශය අධි තාක්‍ෂණික උද්‍යාන විශාල ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ෆින්ලන්ත සමාගම්වලට එහි ආයෝජනය කළ හැකි බවත් අහමැති ෂෙයික් හසීනා වැඩි දුරටත් ප්‍රකාශ කලාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles