ඉරානයෙන් තෙල් ගන්න, යළි රජයේ අවධානය..

0
309

ඉරානයෙන් ඛනිජ තෙල් නැවත ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමත් සමග මෙලෙස ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ මෙරට ඛනිජ තෙල් කාර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.

2012 වසරේ සිට ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුවෙන්  ශ්‍රී ලංකා රජය ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනිම නතර කර තිබුණි.

ඛනිජ තෙල් මිලදී ගැනිම පිළිබඳව පවත්වනු සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ඊට අදාළ  ගිවිසුමක් අත්සන් කිරිමට ද නියමිත බව වාර්තා වේ.

ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිම තුළින් ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්පත් කර ගත හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here