Thursday, May 2, 2024

ඇමරිකානු යුධ නැවක් කොළඹට…

අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික හමුදාව කියා සිටියේ නිව් ඕර්ලින්ස් නැමැති යුධ නෞකාව සුහද සංචාරයක් සදහා කොළඹ වරායට පැමිණි බවයි.

දින 06ක කාලයක් මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන අතර නෞකාවේ කාර්යය මණ්ඩලය සදහා විශේෂ වැඩසටහන් රැසක්ද නාවික හමුදාව විසින් සංවිධානය කර තිබේ.

නිව් ඕර්ලින්ස් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව නාවික අභ්‍යාසයන් කිහිපයක් පැවැත්විමට ද සැලසුම් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර ජපාන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් ද කොළඹ වරායට පැමිණ තිබේ.

දෙරට අතර සුහදතාව වර්ධනය කර ගැනිම සහ සැපයුම් අවශ්‍යතා ලබා ගැනිම මෙහි අරමුණ බව නාවික හමුදාව සදහන් කරයි.

ඉනසුමා සහ සුසුට්සුකි යන නෞකා දෙක මෙලෙස කොළඹ වරායට පැමිණ ඇති අතර එම නෞකා අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මේ අතර රාජකීය ඕමාන් නාවික හමුදාවේ ඛසාබ් නෞකාව ද කොළඹ වරායට පැමිණ තිබේ.

සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සදහා කොළඹ වරායට පැමිණි මෙම නෞකාව ලබන 27 වන දින දිවයිනෙන් පිටත්විමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles