පකිස්තාන තානාපති නිළධාරීන්ට දකුණු අප්‍රිකාවෙන් චෝදනාවක්

0
338
A supporter touches the hand of a young asylum-seeking migrant from behind the fence at border wall separating the United States and Mexico. Photo: Christopher Brown/ZUMA Wire/dpa/IANS

දකුණු අප්‍රිකාවේ සිටින පකිස්තාන තානාපති නිලධාරීන් අයථා ක්‍රියාවල නිරත වන බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

ජිනීවා ඩේලි වාර්තාවක සදහන්ව ඇත්තේ , දකුණු අප්‍රිකාවේ සහ අසල්වැසි රටවල පාකිස්තාන දූත මෙහෙවරේ නිරත දූෂිත නිලධාරීන්ගේ සමූහයක සහාය ඇතිව අනවසර සංක්‍රමණික ජාවාරමක් සිදුවන බවයි.

එම නීතිවිරෝධී පාකිස්තාන සංක්‍රමණිකයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිටින පකිස්ථානුවන්ගේ කීර්ති නාමයට බරපතල හානි සිදුවී ඇති බව ද පැවසේ.

මේ හේතුවෙන් දකුණු ආසියාවට පැමිණීම සදහා පකිස්තානුවන් විසින් සිදුකරන වීසා ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ අතර , පාකිස්තානය පදනම් කරගත් Geo News හි පළ වූ වාර්තාවකට අනුව, දකුණු අප්‍රිකාවේ ආදායම් දෙපාර්තමේන්තුව පාකිස්තාන තානාපති කාර්යාලයට එරෙහිව ඔවුන් විසින් රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

තානාපති කාර්යාල නිලධාරීන් නිල අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට පෙර ඒවා වෙළෙඳ පොළේ නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට කටයුතු කරන බව එමඟින් අනාවරණය කරගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here