Saturday, April 27, 2024

නේපාලයේ චීන අපරාධ ජාලයක්

නේපාලය තුළ චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යන අපරාධ ජාලයන්ගේ සීග්‍ර වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.

එරට වාර්තා සදහන් කළේ, දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් විසින් නේපාලයේ සැක කටයුතු ඇමතුම් මධ්‍යස්ථානයක් වටලා වංචාවලට සම්බන්ධ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි..

නේපාලයේ තිලෝත්තමා – ජානකීනගර් 2 ප්‍රදේශයේ පිහිටි බ්ලූ ස්කයි බිස්නස් සොලියුෂන්ස් නම් ඇමතුම් මධ්‍යස්ථානය ජූලි 24 වන දින පොලිස් කණ්ඩායමක් විසින් මෙසේ වටලා ඇත.

චීන ජාතිකයන් මේ වන විට නේපාලය, නීතිවිරෝධී වෙළඳාම් සහ වංචනික අපරාධ සඳහා සංක්‍රමණික ස්ථානයක් බවට පත් කර ගෙන ඇති බව එරට පොලිසිය පවසයි.

චීන අපරාධ ජාලයන් වනජීවී ජාවාරමට ද සම්බන්ධ බව අනාවරණය වී ඇත.

අප්‍රිකාවේ කොංගෝවේ සිට තුර්කිය හරහා නේපාලයට ගෙනඑන ලද පැන්ගෝලින් කිලෝග්‍රෑම් 162 ක් ද චීන ජාතිකයා සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් වාර්තා අනුව, 2018 ජනවාරි 29 වන දින, චීන ජාතිකයන් දෙදෙනෙකු කත්මන්ඩු ගුවන් තොටුපළේදී පැන්ගෝලින් සමඟ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පසුව, 2018 අගෝස්තු 21 වන දින, මුහුදු අශ්වයෙකු සහ කොටි සමක් සමඟ තමෙල් හි හෝටලයකදී චීන ජාතිකයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

යර්සගුම්බා, සුනඛරි, කොටි ඇටකටු සහ විවිධ ඖෂධ පැළෑටි ජාවාරම් කිරීම අතින් චීන ජාතිකයෝ ඉදිරියෙන්ම සිටින බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles